ජනපති හා රුසියානු තානාපති අතර විශේෂ හමුවක් - ඛනිජ තෙල් ලබා ගැනීමට විශේෂ අවධානයක්

United Russia Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka
By Sithumi Jun 27, 2022 02:17 PM GMT
Report

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටේරි (Yury Materiy) අද (27) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුණ ගැසුණා. මෙම හමුව සිදු වුයේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ වී මේ වසරටට අවුරුදු 65ක් සම්පූර්ණ කෙරෙනවා.

දෙරට අතර දශක 6කට වැඩි කලක් පුරා පැවති ශක්තිමත් සමාජ සම්බන්ධතාව සහ මිත්‍රත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා කොවිඩ් මර්දන ක්‍රියාවලියේ දී මෙන්ම අවශ්‍ය සෑම විටම රුසියාවෙන් ලැබෙන සහාය මෙම හමුවේ දී පැසසුමට ලක් කර තිබෙනවා.

ඒ සඳහා රුසියාවෙන් ඇති ඉල්ලුම තවදුරටත් වර්ධනය කරගැනීම, සංචාරක කර්මාන්තය, ඉන්ධන, ගල්අඟුරු, ගෑස්, ගුවන් ගමන්, අධ්‍යාපන, වෙළඳාම, පොහොර ඇතුළු වැදගත් ආර්ථික ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති වරයා සහ රුසියානු තානාපති වරයා අතර සාකච්ඡාවට ලක් කෙරුණ.

මෙම සාකච්ඡාවේ දී රුසියාවෙන් ඛනිජ තෙල් ලබා ගැනීම පිළිබඳව දැඩි අවධානයක් යොමු වූ බවටයි වාර්තා වන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now