ජනාධිපතිවරණය හදිසියේ පවත්වන්න තීරණයක්..රනිල්ට ඡන්ද ලක්ෂ 100ක්..මහ මැතිවරණය 2025 ට කල් යයි..
ජනාධිපතිවරණය ඉදිරි වසරේ පවත්වා මහ මැතිවරණය වසරකින් කල් දැමීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඇති බව විකල්ප පුවත්පතක් වාර්තා කර සිටිනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව ඇති බවත්, ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන් හා එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් නායකයන්ට සංවිධාන කටයුතු භාරදෙනු ඇති බවත් එම පුවත් පතෙහි සඳහන් කර තිබේ.
කෙසේ වෙතත් එම වාර්තාව වැඩිදුරටත් කියා සිටින්නේ, ජනාධිපතිවරණයට පෙර සංවිධාන කටයුතු සැලසුම් කර අවසන් කරනු ඇති බවත්, ජනාධිපතිවරණයෙන් පසුව 2025 වසර මුලදී ම පාර්ලිමේන්තු මැතිවරණය කැඳවනු ඇති බවයි.
මේ අතර, ජනාධිපතිවරණය එළඹෙන වසර තුළ මුලින් පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ද සඳහන් කරයි.
විදේශ වුවමනාන් අනුව ලංකාව කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය ආකාරයේ මැතිවරණවලට ඉඩ නොදී ජනතා ගැටළු විසඳිය යුතු බවද ඒ මහතා වැඩි දුරටත් පවසා තිබේ.
මුලින් පැවතිය යුත්තේ කුමන මැතිවරණද යන්න තීරණය කිරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය පැවරී ඇතැයි ද පැවසූ ඔහු රටක ස්ථාවරත්වය තිබෙන විට ජනාධිපතිවරයාට ඒ සඳහා සුදුසු අවස්ථාව තෝරාගැනීමට ව්‍යවස්ථාවෙන් ඉඩ ලබා දී තිබෙන බවද ඒ මහතා කියා සිටියි.
හෙතෙම තවදුරටත් සඳහන් කළේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද ලක්ෂ සීයක් ලබාගෙන නැවත ජනාධිපති පුටුවේ වාඩිවිය හැකි බවත්, ඒ සඳහා සෑම නිවසකින්ම ඔහුට ඡන්දයක් භාවිතා කරන තැනට රට ගමන් කළ යුතු බවයි.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් අමුතමින් වජිර අබේවර්ධන මහතා මේ අදහස් පළ කළේ ය.