IMF නියෝජිතයින් සහ ජනපති අතර විශේෂ සාකච්ඡාවක්

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka IMF Sri Lanka
By Sithumi Aug 26, 2022 01:55 PM GMT
Report

පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පවත්වා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සූම් තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක්වූ අතර දෙපාර්ශ්වය ධනාත්මකව අදහස් හුවමාරු කරගත් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කරන ලද ඉල්ලීමට අනුව එම තොරතුරු ලබන සඳුදා වනවිට ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරු සහ නීති උපදේශකවරු ද අද සාකච්ඡාවට එක්ව සිටී අතර මෙහි තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා (31) පැවැත්වීමට මෙහිදී තීරණය කෙරූ බව සඳහන් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now