කාන්තාවක් නිසා ජනපති පෙරට එයි...

World news Prence president
By Aruna Apr 11, 2022 07:38 AM GMT
Report

ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයෙන් වත්මන් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ජයග්‍රහණය කර තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ ප්‍රතිවාදියා වන මැරීන් ලේ පෙන් තියුණු සටනක් ලබා දෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමානුවෙල් මැක්‍රොන් සියයට 51ක ඡන්ද ප්‍රතිශතයක්ද මැරීන් ලේ පෙන් සියයට 49ක ඡන්ද ප්‍රතිශතයක්ද ලබා ගනු ඇති බවටයි විදෙස් වාර්තා පල වන්නේ.

මේ වන විටත් ජනාධිපතිවරණයේ සියයට 94 ක ප්‍රතිඵල ගණන් කර අවසන්.

නිළ ප්‍රතිඵල වලට අනුව එමානුවෙල් මැක්‍රෝන් සියයට 27.42 ක ද, මැරීන් ලේ පෙන් සියයට 24.16 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now