ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා ජීවන මඬලට සමුදෙයි..(PHOTOS)
ප්‍රවීණ ගායන ශිල්පිණී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ජ්‍යෙෂ්ඨ සංගීතඥයෙක් මෙන්ම සංගීත ආචාර්යවරයෙක් වූ ආචාර්ය ප්‍රේමදාස මුදුන්කොටුව මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
වර්ෂ 1933 ඔක්තෝබර් මස 06වැනි දින අවිස්සාවේල්ල කොස්ගම ප්‍රදේශයේ උපත ලබා ඇති ඒ මහතා මියයන විට 91 හැවිරිදි වියේ පසු වුණා.
ඒ මහතා කො/ කනම්පැල්ල මහා විද්යලයේත්, කො/කොස්ගම සුමේද විද්‍යාලයේත් මූලික අධ්‍යාපනය ලැබුයේය.
හොරණ ශ්‍රීපාලි විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලැබූ මුදුන්කොටුව මහතා 1957 වර්ෂයේ සංගීත උපදේශකවරයකු ලෙස තම සංගීත සේවාව ආරම්භ කළා.
සංගීත ක්ෂේත්රයට සිදු කළ සේවය අගයමින් සංගීත අධ්‍යාපනය සඳහා වූ රාජ්‍ය සම්මානය ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා තිබීම විශේෂත්වයක්.
පෙරදිග සංගීතය පිළිබඳ හසල දැනුම් සම්භාරයක් ඇති එතුමන් විද්‍යාර්ථයන්ගේ දැනුම සඳහා සංගීතය පිළිබඳ සිංහල හා ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම කෘති මාලාවක් සකස් කර තිබේ.
1997 දී සම්භාව්‍ය සංගීත ප්‍රවේශිකා නමින් කෘතියක්ද, සම්භාව්‍ය සංගීත ප්‍රථම, සම්භාව්‍ය සංගීත ඩිප්ලෝමා, විශාරද තබ්ලා පරිචය සිංහල හා ඉංග්‍රීසි, ආදි වශයෙන් කෘති මාලාවක් සංගීත ප්‍රේමීන් වෙනුවෙන්ම ලේඛනය කර ඇත.
සංගීතාචාර්යවරයෙක්, සම්භාව්‍ය සංගීතඥයෙක්, සංගීත උපදේශකවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ලෙසද ප්‍රේමදාස මුදුන්කොටුව මහතා කටයුතු කර තිබීම විශේෂත්වයක්.
ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.