මම අවුරුදු 11ක් හිරු එකේ ප්‍රවෘත්ති කිවුවා, දැන් වෛද්‍යවරයෙක් නිසා දෙමව්පියන්ගෙනුත් යෝජනා එනවා-ප්‍රමිත මහානාම(PHOTOS)

By Sithumi Jan 23, 2023 04:22 PM GMT
Report

මේ දිනවල ඉතාම ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන චිල් පිල් විත් ඩොක්ටර් ප්‍රමිත නාලිකාව මෙහෙයවන එහි අයිතිකරු තමයි ප්‍රමිත මහානාම කියලා කියන්නේ.  

ඒ වගේම කාලයක් හිරු නාළිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නිවේදකයෙක් වූ ඔහු දැන් වෛද්‍යවරයකු හැටියට රෝගීන් සුවපත් කරන ගමන් කලාවට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.  

ඉතින් ඔහු යූ ටියුබ් නාළිකාවෙන් ‘චිල් පිල් විත් ඩොක්ටර් ප්‍රමිත’ කියලා අලුත් තාලයේ වැඩසටහනක් කරනවා කියලයි ප්‍රමිත කියන්නේ. ඒකට වැඩිපුර ප්‍රතිචාර එන්නේ ගැහැනු ළමයින්ගෙන්. ඒ වගේම ඔහුට දැන් බොහෝ අය කතා කරන්නේ ‘ඩොක්ටර් චිල් පිල්’ නේද කියලාලු.  

ඉතින් හොස්පිට්ල් එකට එන රෝගීන් පවා ඔහු මාස්ක් එක දාගෙන ඉන්නකොටත් අඳුරගෙන කතා කරනවා කියලත් ප්‍රමිත කියනවා. ඒ වගේම ෆේස් ටූ ෆේස් කියලා කාලීන දේශපාලන වැඩසටහනක්ද ඔහු කරනවා. ඉතින් ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඔහු හිරු නාළිකාවේ මුල්ම සති අන්ත ප්‍රවෘත්ති නිවේදකයෙක් විදිහටත් අවුරුදු 11ක් සේවය කළා. ඔහු මුලින්ම නිවුස් කියද්දී ඔහු වෛද්‍ය ශිෂ්‍යයෙක් කියලයි ප්‍රමිත කියන්නේ. පසුව වෛද්‍යවරයෙක් හැටියට කටයුතු කරන ගමනුත් ඔහු නිව්ස් කිව්වා.  

කොහොම නමුත් ඔහුට අලුත් සංකල්ප එක්ක අලුත් දෙයක් කිරිමේ අවශ්‍යතාවය තිබ්බ නිසා 2021 අවුරුද්දේ ඒ නාළිකාවට සුහදව සමුදීලා ඔහුගේ යූ ටියුබ් නාළිකාව පටන් ගත්තා කියලත් ඔහු කියනවා. ඉතින් හිතුවට වඩා වේගයෙන් ඔහුගේ වැඩසටහන් සමාජය පිළිගත්තා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුට තවත් නාළිකා දෙකකින් මේ වෙද්දී ආරාධනා ලැබිලා තියෙනවා කියලත් ප්‍රමිත කියනවා.  

ඉතින් වෙනස් දෙයක් කරන්න ඉඩක් ලැබුණොත් ඊට සම්බන්ධ වෙන්න හිතාගෙන ඉන්නවා කියලයි ඔහු නම් කියන්නේ. ඒ වගේම ඔහු කාලෙකට කලින් ජනප්‍රිය නිළියකට ආදරය කලත් අන්තිමට ඔවුන් දෙන්නා හොඳ යාළුවෝ වෙලා තවමත් යාළුවෝ විදිහට ඉන්නවා කියලත් ප්‍රමිත කියනවා. ඉතින් දැන් ඔහු තනිකඩ නිසා යාළුවෝ ඔහුට කියන්නේ තනිකඩ සංගමයේ සභාපති කියලාලු.  

කොහොම නමුත් දැන් ඔහුට වෛද්‍යවරියන්ගෙන් වගේම ඇතැම් විට ඔවුන්ගේ දෙමාපියන්ගෙන් විවාහයට යෝජනා එනවා කියලයි ඔහු නම් කියන්නේ. ඉතින් ඔහු ආදරේ දි තේරීම් කරනවා වැඩි නිසා හරි කෙනෙක් හරියටම තෝරා ගන්න අමාරු තත්ත්වයක ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery