අද පාර්ලිමේන්තුවට හොරෙන් ඇතුළු වෙන්න ගියා කාන්තාවකට සිදු වූ දේ..

By Sithumi Sep 02, 2022 04:24 PM GMT
Report

පාර්ලිමේන්තුවට අනවසරයෙන් ඇතුළුවීමට උත්සාහ දැරූ සැකකටයුතු කාන්තාවක් ජයන්තිපුර ප්‍රධාන පොලිස් මුරපොළේ නිලධාරීන් විසින් අද (2) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවාය.

ඇය එප්පාවල ප්‍රදේශයේ පදිංචිකාරියකි. කාන්තාව පාර්ලිමේන්තුවට ඇතුළුවීමට උත්සාහ දැරුවේ ඇයි දැයි ප්‍රශ්නයක් වන අතර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් ප්‍රශ්න කරගෙන යන බව පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. මෙම කාන්තාව ජයන්තිපුර ප්‍රධාන පිවිසුමෙන් ඊයේ පෙරවරුවේ කලබලයෙන් මෙන් ඇතුළුවීමට උත්සාහ දරා ඇත.

මේ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරීන් ඇය ඇතුළුවීම වළක්වා ඇති අතර පොලිස් කාන්තාවක යොදවා එම කාන්තාව පසෙකට කැඳවාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කර ඇත. අනතුරුව සැකකාර කාන්තාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා තලංගම පොලිසියට බාර දෙනු ලැබුවාය.