සතිඅන්ත විදුලි කප්පාදුවේ වෙනසක් - සිදු වන්නේ මෙහෙමයි..

Sri Lanka Sapugaskanda power crisis CBL Electricity board power cut time
By Sewvandhi Apr 07, 2022 01:31 PM GMT
Report

ලබන සෙනසුරාදා සහ ඉරිදා (9, 10) දිනවල විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව සෙනසුරාදා දිනයේ පැය දෙකක කාලයක් සහ ඉරිදා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

සෙනසුරාදා දිනයේ A,B,C,D,E,F,G,H,I,J,K,L යන කලාපවලට සවස 3ත් රාත්‍රී 9ත් අතර කාලසීමාව තුල පැය දෙකක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

P,Q,R,S,T,U,V,W යන කලාපවලට පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුවන්නේ පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා අතර කාලය තුලදීයි.

CC1 කලාපය සඳහා සෙනසුරාදා දිනයේදී පැය තුන හමාරක කාලයක් විදුලිය කප්පාදු කෙරෙන අතර ඒ උදෑසන 6 සිට පෙරවරු 9,30 දක්වායි.

අප්‍රේල් 10 වන ඉරිදා A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාපවලට උදෑසන 6 සිට පෙරවරු 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනවා.

CC1කලාපය සඳහා පැය තුන හමාරක කාලයක් විදුලි සැපයුම අත්හිටවනු ලබන්නේ උදෑසන 6 සිට 930දක්වායි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now