සති අන්තයේ විදුලිය විසන්ධි කිරීම ගැන නවතම තීරණය මෙන්න..

Sri Lanka sapugaskanda fuel crisis Gagana news Sri lanka electricity board power cut
By Sewvandhi Mar 26, 2022 03:11 AM GMT
Report

සති අන්තයේ විදුලි කප්පාදුව සඳහා ද මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබාදී තිබේ.

ඒ අනුව, අද (26) දිනයේ කලාප 12ක් සඳහා පැය 05ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිතුත් 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව සඳහන් වේ.

මීට අමතරව P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා අද දිනයේ පෙරවරු 09.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රි 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

මේ අතර හෙට (27) දිනයේ විදුලි කප්පාදුව සඳහා ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසරය ලබාදී තිබේ. හෙට දිනයේ A, B, C, D, E, F, G, H, I, J, K, L යන කලාප සඳහා පැය 03.යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.

එම කලාප සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 02යි මිනිත්තු 15ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රි 10.30 දක්වා පැයයි මිනිත්තු 15ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බව සඳහන් වේ.

ඊට අමතරව P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා හෙට දිනයේ පස්වරු 03.00 සිට රාත්‍රි 11.00 දක්වා පැය 02ක විදුලි කප්පාදුවක් සිදු කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now