හෙට සිට යළිත් රාත්‍රියේ විදුලිය කැපීමට ඉල්ලයි

Sapugaskanda
By Sewvandhi Apr 17, 2022 10:39 AM GMT
Report

හෙට (18) දිනයේ පැය 4යි විනාඩි 20ක කාලයක් සහ 19 සහ 20 යන දිනවල පැය හතරයි විනාඩි 50ක කාලයක් විදුලිය කැපීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අනුමැතිය ඉල්ලා තිබෙනවා.

ඒ, පෙරවරු 8 සිට රාත්‍රී 10.30 දක්වා අවස්ථා දෙකක දී ක්‍රියාත්මක කිරීමටයි. ඒ අනුව හෙට සිට නැවතත් රාත්‍රියේ විදුලිය කැපීමට ද ඉල්ලා ඇති බව සඳහන්.

එහිදී දහවල් කාලයේ පැය 3යි විනාඩි 20ක කාලයක් සහ රාත්‍රියේ පැය එක හමාරක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now