ඉදිරියේදී පැය 10 ක විදුලි කප්පාදුවක්..? තෙල් සැපයුම ගැනත් තීරණයක්..

Sri Lanka Fuel crisis Electricity board power cutting time Janaka Rathnayaka Saugaskanda
By Sewvandhi Mar 25, 2022 02:10 PM GMT
Report

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති පවසනවා. ඒ අනුව මේ වනවිට බලාගාර සඳහා අවශ්‍ය පරිදි ඩීසල් සහ නැප්තා නොමැති වීම හේතුවෙන් දිවයිනේ ප්‍රධාන පෙළේ බලාගාරවල කටයුතු අක්‍රීය වී ඇති බව දක්නට ලැබෙනවා.

එමෙන්ම ජලාශවල ජල මට්ටම ද පහත බැසීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් ව තිබෙන අයුරු දක්නට ලැබෙනවා. මෙම තත්ත්වය හේතුවෙන් දිවයින පුරා කාණ්ඩ කිහිපයක් යටතේ දිනකට වැඩි කාලයක් අඳුරේ සිටීමටයි මහජනතාවට සිදු ව ඇත්තේ.

කෙසේවෙතත් ඛනිජ තෙල් සංස්ථාවෙන් විදුලි ජනන කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමට එකඟ වූ බැවින් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමට අවශ්‍ය නොවනු ඇති බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

මෙවන් තත්ත්වයක් මත ප්‍රමාණවත් ඉන්ධන තොග සහ ජල විදුලි බලය නිපදවන ජලාශවල ජල මට්ටම සීඝ්‍ර ලෙස පහත බැසීම හේතුවෙන් මේ වන විට ක්‍රියාත්මක වන දිනකට පැය හය හමාරක් වන විදුලි කප්පාදුව ලබන සතිය වන විට දිනකට පැය දහයක් විය හැකි බව අද (25) දහවල් වනවිට විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now