හෙට සිට විදුලි කප්පාදුව සිදු වන අයුරු
හෙට (20) සිට විදුලි කප්පාදුව උදෑසන කාලයේ සිදුනොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව එම තීරණය ගත් බව මහජන උපයෝගිතා කොමිසමේ, සභාපති, ජනක රත්නායක මහතා පවසයි.
මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. ඒ අනුව හෙට සිට උදෑසන 7 සිට දහවල් 12 දක්වා විදුලි කප්පාදුවක් සිදුනොවේ.
එමෙන්ම දහවල් 12 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුව සිදුකරනු ලබන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
"අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි හෙට සිට උදේ 7 සිට දහවල් 12දක්වා විදුලිය කප්පාදුවකින් තොරව 12න් පස්සේ රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකරනවා. අපිට මේ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දවස් දෙක තුනකට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඒ අනුව අපි ඉල්ලීමක් කරා මහජන උපයෝගිතා කොමිසම මඟින් මෙම තත්ත්වය ලබන සුමාන දෙකේ කරගෙන යෑමට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය අපිය අවශ්‍යයි. ඒ තෙල් සංචිත ප්‍රමාණය ලබාදීමට දේශපාලන අධිකාරිය එකඟතායක් පළකරලා තියෙනවා. ඒ අනුව අපට නැප්තා සහ දැවිතෙල් යන දෙවර්ගය ඉදිරි කාලයෙදී ලැබීමට නියමිතයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |