අද (3/24) විදුලි කප්පාදුවේ වෙනසක් - කාලය තවත් දීර්ඝ වෙයි..!
Sri Lanka
Power cut
Norochchole
Sapugaskanda
Electricity board power cutting time
By Sewvandhi
අද (24) දිනයේත් දිවයිනේ කලාප 08කට පැය 06කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
ඒ අනුව P සිට W දක්වා වූ කලාප 08 සඳහා පෙරවරු 08.30 සිට පස්වරු 05.30 දක්වා පැය 04යි මිනිත්තු 30ක කාලයක් සහ පස්වරු 05.30 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 50ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
ඊට අමතරව A සිට L දක්වා වූ කලාප 12 සඳහා අද දිනයේත් පැය 05ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
ඒ අනුව අදාළ කලාපවලට පෙරවරු 08.00 සිට පස්වරු 06.00 දක්වා පැය 03යි මිනිත්තු 20ක කාලයක් සහ පස්වරු 06.00 සිට රාත්‍රී 11.00 දක්වා පැයයි මිනිත්තු 40ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත.
අදාළ විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගිතා කොමිසමේ ද අවසරය හිමිවී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |