විදුලි කප්පාදුව නවතින කාලය ගැන විදුලිබල මණ්ඩලයෙන් දැනුම්දීමක්..

Sri Lanka
By Aruna Apr 22, 2022 07:46 AM GMT
Report

වර්ෂාව ලැබී විදුලිය නිෂ්පාදනය කරන ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කප්පාදු සිදු කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ වන විට ජලයෙන් විදුලිය 25% ක් මේ දිනවල නිෂ්පාදනය කරන බවයි එහි සාමාන්‍යාධිකාරි ඩී.සි.ආර්. අබේසේකර මහතා සඳහන් කළේ.

නොරෝච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මෙගාවෝට් 900 ම ජාතික විදුලි පද්ධතියට එක් කෙරෙන බව ද සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කළා.

අනෙකුත් බලාගාරවලට අවශ්‍ය දැවි තෙල් මේ දින වල ලැබෙමින් පවතින බවයි ඔහු සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now