අප්‍රේල් 14 දිනයේ මුළු රටේම කරන්න යන දේ මෙන්න

Sri Lanka Power cut Ceylon electric Bord April 14
By Aruna Apr 07, 2022 08:01 AM GMT
Report

එළඹෙන සිංහල - දෙමළ අලුත් අවුරුදු දිනයේදී විදුලි කප්පාදුවක් සිදු නො කිරීමට අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා මේ බව කියා සිටියේ, මෙරටට ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාව සමග ඊයේ කොළඹ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මෙම සාකච්ඡාවේදී ලිහිසි තෙල් ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහි දී ඔවුන්ගේ ගැටලු විසදීමට මහජන උපයෝගීතා කොමිසම පොරොන්දු වී තිබෙනවා.

මේ අතර, දිවයින පුරා තවදුරටත් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම්වල රැදී සිටින අයුරු දක්නට ලැබෙනවා.

මේ අතර සති අන්තයේ විදුලි කප්පාදුව සිදුකරන කාලය අඩු කිරීමට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පසසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ,අද සහ හෙට යන දෙදින සාමන්‍ය පරදි පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි.

ඒ අනුව කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැර සෙසු ප්‍රදේශ සඳහා අද (07) දිනයේ ද පැය 06යි විනාඩි 30ක කාලයක් විදුලි කප්පාදු ව සිදුකිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව පෙරවරු 08.00 සිට රාත්‍රි 11.00 දක්වා කාලය තුළ විදුලි කප්පාදුව සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now