හෙටත් පැය ගනනාවක විදුලි කප්පාදුව සිදුවන හැටි මෙන්න..

srilanka Power cut
By Sithumi Mar 24, 2022 02:08 PM GMT
Report

හෙට දිනයේ P,Q,R,S,T,U,V,W යන ප්‍රදේශවලට උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළදී පැය 4යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

එසේම P,Q,R,S,T,U,V,W යන කලාපවලට නැවත පස්වරු 5.30 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි මිනිත්තු 50 කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවලට හෙට දිනයේ උදෑසන 8 සිට පස්වරු 6 දක්වා කාලය ඇතුලත පැය 3යි මිනිත්තු 20 ක කාලයක් විදුලිය කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම විසින් අවසර ලබා දී ඇත

. එසේම A,B,C,D,E,F,G,H,I,J,K,L කලාපවල පස්වරු 6 සිට රාත්‍රී 11 දක්වා කාල තුලදී පැය 1 යි මිනිත්තු 40 ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.