අද සහ සති අන්තයේ විදුලිය කැපෙන්නෙ මෙහෙමයි. අලුත්ම කාල සටහන මෙන්න.
මේ අතර සති අන්තයේ විදුලි කප්පාදුව සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ.
ඒ අනුව සෙනසුරාදා (09) දින පැය දෙකක කාලයක් සහ ඉරිදා (10) පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
ඒ අනුව සෙනසුරාදා (09) දින A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.
සෙනසුරාදා (09) දින P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 3 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළදී පැය දෙකක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
මේ අතර එදින CC1 කලාපය සඳහා උදෑසන 6 සිට උදෑසන 09.30 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
එළඹෙන ඉරිදා (10) දින A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා පස්වරු 6 සිට රාත්‍රී 10 දක්වා පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
මේ අතර එදින CC1 කලාපය සඳහා උදෑසන 6 සිට උදෑසන 09.30 දක්වා කාලය තුළදී පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුවනු ඇති.
මේ අනුව අද දිනයේ විදුලි කප්පාදුව සිදු කරන කාල සටහන මෙන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


