විදුලි කප්පාදුව ගැන සතුටුදායක ආරංචියක්..නවතම දැනුම්දීම මෙන්න..

Sri Lanka Technology Power cut Ceylon electric Bord
By Aruna Apr 08, 2022 03:36 AM GMT
Report

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදී ඇති 13 සහ 14 දින දෙකෙහි විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

එහි සභාපති ජනක රත්නායක මහතා කියා සිටියේ, විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේ වනවිට ලැබෙමින් පවතින බවයි.

එමෙන්ම ජල විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට යම්තාක් දුරට වර්ෂාපතනයක් ඊයේ දිනයේදී ලැබීම මීට එක් හේතුවක්.

මේ නිසා මෙම සතියට සාපේක්ෂ ව ඉදිරි සතිය තුළ දී දිවයින පුරා සිදු කරන විදුලි කප්පාදුවෙහි කාලය තවදුරටත් අවම කරන බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

පවතින ඩොලර් හිඟතාව හා බලාගාර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නො මැති වීම මත ඇති වූ විදුලි අර්බුදය තවමත් නිමා වී නෑ.

මේ හේතුවෙන් ජනතාව තවමත් මුහුණ දෙන්නේ, දැඩි අපහසුතාවකට යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now