නොරොච්චෝලේ දින 75කට වැසෙයි..! විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි
Power cut Sri Lanka
Sri Lanka
Ceylon Electricity Board
By Sewvandhi
නොරොච්චෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙකක් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට නවතා දැමීමට පියවර ගන්නා බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් විදුලි ජනන යන්ත්‍ර දෙක නවතා දැමීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා දින 75ක කාලයක් ගතවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමයේ ප්‍රාදේශීය නියෝජිත එරංග කුඩාහේවා මහතා සඳහන් කරනවා.
වැඩිදුරටත් එරංග කුඩාහේවා මහතා වැඩිදුරටත් පවසන්නේ,
” විදුලි කප්පාදුව පැය 5ක පමණ කාලයකින් නතර කරගැනීමට උත්සාහ කරනවා ,අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ පැය තුනයි විනාඩි විස්සක් හෝ පැය තුනයි විනාඩි 40කින් පමණ විදුලි කප්පාදුව නතර කරගන්න ,සඳුදා ඉදන් ප්‍රමාණවත් පරිදි දැවී තෙල් හෝ ඩීසල් තොග ලැබෙන්නේ නැතිනම් පැය තුනයි විනාඩි විස්සකට හෝ ඊට වැඩි කාලයක විදුලි කප්පාදුවකට යාමට සිදුවනවා ” යනුවෙනුයි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |