නිවසක බිත්තියක් කඩා වැටී අවුරුදු 3ක මල් කකුළක් පරව යයි

Sri Lanka Accident
By Sewvandhi Aug 03, 2022 02:32 PM GMT
Report

වාලච්චේන පොතාන ප්‍රදේශයේ ප්‍රදේශයේදී නිවසක බිත්තියක් කඩා වැටීමෙන් කුඩා දැරියක් මියගොස් තිබෙනවා. අඩක් ඉදි කර තිබූ පාලු නිවසක් තුල කුඩා දරුවන් කිහිප දෙනෙකු සෙල්ලම් කර ඇති අතර එහිදී මෙලෙස බිත්තියක් කඩා වැටී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහිදී තුවාල ලැබූ දැරිය වාලච්චේන රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ පොතාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3යි මාස 6ක් වයසැති දැරියක්. ඇයගේ සිරුර වාලච්චේන රෝහලේ තැන්පත් කර ඇති අතර වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now