සහෝදරියන් දෙදෙනෙකුට මරු කැඳවා 8 දෙනෙකුට තුවාල සිදුකළ සිදු කළ බිහිසුණු අනතුර..!

Polonnaruwa Sri Lanka Accident
By Sewvandhi Apr 15, 2023 04:25 PM GMT
Report

අද (15) පස්වරුවේ දී පොළොන්නරුව - ඕනගම මාර්ගයේ වලේකඩේ ප්‍රදේශයේදි මාරක රිය අනතුරක් සිදුව තිබෙනවා.

එනම් මෙම අනතුරෙන්, අධික වේගයෙන් පැමිණි කැන්ටර් රථයක් ට්‍රැක්ටරයක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ සහෝදරියන් වන අතර ඔවුන් වයස අවුරුදු 46-47 වියැහි පසුවන්නන්.

අනතුරින් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා ඇති අතර තුවාලකරුවන් අතර ළමුන් දෙදෙනකු ද සිටින බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now