පළමු වරට පාර්ලිමේන්තු ඇවිත් ඊයේ කෙළින්ම කැබිනට් මණ්ඩලයට ගිය කව්ද මේ අලුත් කැබිනට් එකේ අලුත් සුවිශේෂ පුද්ගලයා..
ඊයේ(18) දිව්රුම් දුන් නව අමාත්‍ය මණ්ඩලයේ විශේෂ සිදුවීම් කිහිපයක්ම දැකගන්නට ලැබිණ.
ඉන් එකක් වනුයේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාටද කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවීමය. එහි ඇති විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාවේදීම කැබිනට් වරම් හිමිකර ගැනීමට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සමත් වීමය.
මේ අයුරින්ම පළමු වතාවට පාර්ලිමේන්තු පැමිණ මහාචාර්ය චන්න ජයසුමන සහ නාලක ගොඩහේවා යන මහත්වරුන්ටද කැබිනට් අමාත්‍ය ධූර හිමි වුවද ඔවුන් දෙදෙනාම පසුගිය කාලයේ රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කර තිබූ අය වූහ.
එසේ නම් ප්‍රමිතට මේ අයුරින් පළමු වතාවෙන්ම කැබිනට් ඇමැතිකමක් දැරීමට ඇති සුදුසුකම් මොනවාද?
ප්‍රමිත සිය මූලික අධ්‍යාපනය ලැබූවේ කොළඹ 4 ශාන්ත පීතර විද්‍යාලයේ ය. පසුව උසස් අධ්‍යාපනය සදහා Buckingham University of England වෙත ඇතුළත් වී LLB (honours) – නීතිය පිළිබඳ ගෞරව උපාධිය හදාරා පසුව ඔස්ට්‍රේලියාවේ La Trobe විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර නීතිය පිළිබඳව පශ්චාත් උපාධියද ලබාගත්තේය.
ඉන්පසු ශ්‍රි ලංකා විදේශ සේවයේ තානාපති නිලධාරියෙකු වශයෙන් සේවය කළ අතර, ඉන් අනතුරුව දෙවතාවක් මාතලේ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමින් මධ්‍යම පළාත් සභාවට තේරී පත්විය.
2013-2017 අතර කාලයේ මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා, තරුණ, වනිතා කටයුතු, ග්‍රාම සංවර්ධන සහ කර්මාන්ත ආමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර දේශපාලන තීන්දුවක් මත 2017 වසරේදී සිය ආමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමටද තීරණය කළේය.
2020 පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කොට ප්‍රමිත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ ඉන් අනතුරුවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |
