පැය 48න් රටේ සියලු ප්‍රශ්න විසඳන නව අගමැති.. අවුරුද්දෙන් පස්සෙ විශාල පෙරළියක්?..
වර්තමානයේ තිබෙන ආර්ථික අර්බුද වලින් රට ගොඩගත හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඔහුට රට බාරදිය යුතු බවට ජනමතයක් සමාජය තුළ මතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළා.
ජාතික ආණ්ඩු හදන බවට, සභාග ආණ්ඩු හදන බවට හා රනිල් අගමැති වන බවට රට පුරා කට කතා පැතිර යන්නේ එම කරුණ පදනම් කරගෙන යැයි ද නියෝජ්‍ය නායකයා සඳහන් කියා සිටියා.
කෙසේ නමුත් සිංහල දමිල අලුත් අවුරුද්දෙන් පසු පාර්ලිමේන්තුවේ විශාල වෙනසක් වනු ඇති බවට තමාට විශ්වාසයක් ඇතැයි ද විජයවර්ධන මහතා කියා සිටියා.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ දී පැවැති වෘත්තීයවේදී හමුවකදීය.
මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත්වීමෙන් පසුව රටේ සියලු පෝලිම් පැය 48න් නතර කළ හැකි බව එජාපයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.
ඒ මහතා මේ බව පැවසුවේ,පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාට නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට අවස්ථාව ලබාදෙන බවට සඳහන් කරමින් පළවන වාර්තා අසත්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
තම ධූර කාලය අවසන් වන තුරු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිගටම කටයුතු කරන බවත් ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණයද ජයග්‍රහණය කිරීම තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකි බවට විශ්වාස කරන බවත් ඔහු පවසයි.
“මගේ ධුර කාලය අවසන් වන තුරු මම රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතරම ඉදිරි මැතිවරණ වලිනුත් අපි ජයග්‍රහණය කරනවා. මට තව ටික කාලයක් තියෙනවා.
මම වහාම විශ්‍රාම යන්නේ නැහැ.
ජාතික ආණ්‌ඩුවක් ගැන කියන කතා ඔක්කොම බොරු….
මට රනිල් හෝ සජිත් සමග කරන්න දෙයක් නෑ.
ඒ සියල්ල බොරු.”යැයි අග්‍රමාත්‍යවරයා පැවසීය.
පවතින ආර්ථික, විදුලිබල, ඉන්ධන සහ ගෑස් ගැටලු කඩිනමින් විසඳන බවත් රජය එ සඳහා අවධානය යොමු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |