හරක් කටාව CIDයෙන් පන්නන්න හැදූ පොලිස් සැරයන් කොටු කරගත් හැටි.
නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන් ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ පොලිස් සැරයන්වරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් එලෙස අත්අඩංගුව ගත් බවයි නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.
දුරකථන දත්ත ඔස්සේ සිදුකරන ලද විමර්ශනයේ දී හරක් කටා ට පළායෑමට භාවිතා කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් හා ආරක්ෂක හිස් වැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබී අත්අඩංගුවට ගැනුණු අතර එම ආරක්ෂක හිස්වැසුම රැගෙන ඒම සඳහා සුද්දා නැමති පුද්ගලයෙකු සම්බන්ධ වී තිබූ අතර, එම සැකකරු සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඔහු පදිංචි ස්ථානයෙන් මඟහැර ගොස් ඇති බවට ද අනාවරණය වී ඇත.
සුද්දා නැමති එම පුද්ගලයා පිළිබඳව තවදුරටත් දුරකථන විශ්ලේෂණ සිදුකර ඇති අතර, එහිදී සුද්දා යන අය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සමඟ සම්බන්ධ වී ඇති බවට තොරතුරු හෙළි වී තිබුනා.
එමෙන්ම මෙම සැරයන්වරයා 'හරක් කටා' ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමේ සිද්ධිය, විදේශගතව සිටි මෙහෙයවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් 'මිදිගම රුවන්' නැමැත්තා සමඟ ද whatsapp මාර්ගයෙන් සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
ඒ අනුව අදාළ පොලිස් සැරයන්වරයාව ඊයේ (06) දහවල් කාලයේ දී මිදිගම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර
ඔහු 36 හැවිරිදි දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.