පාතාලේ 43 ක් සම්බන්ධයෙන් පොලිසිය ගත් විශේෂ තීරණය.
Nihal Talduwa
Sri Lanka Police
By Wayomi
මේ වනවිට අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
ඊයේ(10) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මේ බව කියා සිටියා.
නියෝජ්‍ය පොලිස්පතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ තවත් හදුනාගත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන ලබාගැනීමට නියමිත බවයි.
එමෙන්ම ඩුබායිහිදී අත්අඩංගුවට පත්ව සිටින අපරාධ කල්ලි සාමාජිකයෙකු වන "මන්නා රමේෂ්" සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ඩුබායි රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූ කියා සිටියා.