අමිතාබ් බච්චන් ට පොලිස් නඩු.

Government Of India Bollywood Instagram Mumbai Amitabh Bachchan
By Madheeha_Naz May 16, 2023 01:15 PM GMT
Report

පසුගිය සඳුදා අමිතාබ් බච්චන් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ තමන්ට උදවු කරපු පුද්ගලයෙකුට ස්තුති කරලා පෝස්ට් එකක් share කරලා තිබුණා.

ඒ මුම්බායි traffic එකෙන් බේරිලා තමන්ට නියමිත වෙලාවට ෂූටිං ස්පොට් එකට bike එකෙන් යන්න උදවු කරපු පුද්ගලයෙකුටයි,ඉතින් මේ photo එක සමාජ මාධ්‍ය පුරා හොඳටම viral වුණා.

ඉතිං අමිතාබ්ගේ මේ සරලකම දැකලා රසිකයන් අමිතාබ් ගේ පොස්ට් එකට හොඳ ප්‍රතිචාර දක්වලා තිබුණා,ඒවගේම තමයි සමහර රසිකයන් මේ ගැන විවේචනය කරන්නත් පටන් ගත්තා.

ඒකට හේතුව අමිතාබ් හෙල්මට් එකක් නැතුව මාර්ග නීති කඩකරලා තියෙනවා කියලයි.

ඊටපස්සේ ඒගොල්ලන් ඉන්ස්ටග්‍රෑම් එකෙන් මුම්බායි පොලීසියව tag කරලා ඒ ෆොටෝ එක share කරපු නිසා අමිතාබ් ගේ ඒ පෝස්ට් එක තවත් viral වෙන්න පටන් ගත්තා.

මේ පොස්ට් එක දැකලා වහාම ක්‍රියාත්මක වුණු මුම්බායි පොලීසිය අමිතාබ් බච්චන්ට එරෙහිව මාර්ග නීති උල්ලංඝනය කරා කියලා නඩුවක් ගොනු කරලා තියෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW