මේ දින වල රජයේ ආයතනව රැකියා සඳහා යනවනම් මේ ගැනත් දැඩි විමසිල්ලෙන් ඉන්න..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Government Of Sri Lanka Department of Prisons Sri Lanka
By Aruna May 14, 2024 08:48 AM GMT
Report

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු රජයේ ආයතන රැසක රැකියා දෙන බව පවසා රුපියල් කෝටි ගණනක මුදල් වංචා කරන ලදැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණයට ඊයේ (13) දිනයේ දන්වා තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක 03 හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලනී දිසානායක මහතා එලෙස දන්වා සින බවයි පැවසෙන්නේ.

උසස් පෙළ ගැන අමාත්‍ය මණ්ඩලය ගත් අලුත්ම තීරණය.

උසස් පෙළ ගැන අමාත්‍ය මණ්ඩලය ගත් අලුත්ම තීරණය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටින්නේ, මෙම සිද්ධියට අදාළ සැකකරුවන් රජයේ වාහන දෙන බවට රජය මගින් ඉදිකරනු ලබන නිවාස දෙන බවට සහ දඹදිව විදේශ ගමන් සංවිධානය කර දෙන බවට පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇති බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණය වෙත දන්වා සිටින්නේ, මෙම වංචාවන් කර ඇති බවට මහනුවර, අම්පිටිය පදිංචි පින්නදූව හේවගේ රංජිත් අනුර නොහොත් ප්‍රියන්ත නමැති අයකු අනාවරණය කරගෙන ඇති බවයි.

ඩොලරයට එකවරම සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ වාර්තාවක් එළියට..

ඩොලරයට එකවරම සිදු වූ දේ මෙන්න..මහ බැංකුවෙන් විශේෂ වාර්තාවක් එළියට..