හිතාගන්නවත් පුලුවන් ද?. රූමත් කතක් කැතම කැත වැඩක් කරලා..

Sri Lanka Police Bandaranaike International Airport Latest Headlines Decision Making
By krishani Apr 22, 2024 02:22 AM GMT
Report

කටුනායක ගුවන් තොටුපොළ තුළ ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් පිළිබඳව තොරතුරු අණාවරණය විය.

හිතාගන්නවත් පුලුවන් ද?. රූමත් කතක් කැතම කැත වැඩක් කරලා.. | Police Arrested Two Person At Katunayake Airport

ඔවුන්ව ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සොරකම් ඔවුන් සිදුකර ඇත්තේ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් ය.

මෙහි පිරිමි පුද්ගලයා තම බිරිඳගේ ගමන් බලපත්‍රය රැගෙන කටුනායක ගුවන් තොටුපොළ බැංකු පිහිටි ප්‍රදේශයට පැමිණ තිබෙනවා.

07කට දිවි අහිමි කළ දියතලාවේ මෝටර් රථ ඛේදවාචකයේ නොදත් තොරතුරු රැසක් එළියට..

07කට දිවි අහිමි කළ දියතලාවේ මෝටර් රථ ඛේදවාචකයේ නොදත් තොරතුරු රැසක් එළියට..


පසුව දෙස් විදෙස් සංචාරකයන් තම ගමන් මලු පසෙක තබා ඔවුන් රැගෙන එන විදේශ මුදල් එම බැංකු වලින් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරමින් සිටින අවස්ථාවල දී  ඔවුන්ගේ අවධානය මුදල් මාරු කිරීම පිළිබඳ යොමු වී පවතින අවස්ථාවේ දී ගමන් මලු රැගෙන පළා යාම සිදු කර ඇති බව වාර්තා විය.

කෙසේ වෙතත්, 36 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා 35 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

මොවුන් දෙදෙනා කැළණිය, දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන් වේ.

රජයෙන් ජනතාවට ලැබෙන සහනය ගැන නැවතත් කළ දැනුම්දීම මෙන්න.

රජයෙන් ජනතාවට ලැබෙන සහනය ගැන නැවතත් කළ දැනුම්දීම මෙන්න.