දිවයිනටම සාම විනිසුරු හැන්ගි හොරා කසිප්පු පෙරලා - තෝරාගත් කීප දෙනෙක්ට විතරක් දීලා හොරෙන්ම කරපු වැඩේ..

Sri Lanka Police Sri Lanka Police Investigation Deshabandu Tennakoon Latest Headlines
By krishani Dec 24, 2023 05:20 PM GMT
Report

නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටිය දී  මුළු දිවයිනටම සාම විනිසුරුවරයෙකු වන අයෙකු සහ ඔහුගේ සහයකයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිවයිනටම සාම විනිසුරු හැන්ගි හොරා කසිප්පු පෙරලා - තෝරාගත් කීප දෙනෙක්ට විතරක් දීලා හොරෙන්ම කරපු වැඩේ.. | Police Arrested Two People At Wallampitiya

ඒ වැල්ලම්පිටිය, කොහිලවත්ත දෙමහල් නිවසක නීති විරෝධීව මත්පැන් පෙරමින් සිටිය දී ය.

ඒ බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය.

මේ දිනවල වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය යටතේ දිවයින පුරා යුක්තියේ මෙහෙයුම සිදුකරනු ලබයි.

එහිදී බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කොහිලවත්ත ප්‍රදේශවාසීන්ගෙන් ලද රහසිගත තොරතුරකට අනුව මෙම නිවස වටලා තිබෙනවා.

ඒ අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

දිවයිනටම සාම විනිසුරු හැන්ගි හොරා කසිප්පු පෙරලා - තෝරාගත් කීප දෙනෙක්ට විතරක් දීලා හොරෙන්ම කරපු වැඩේ.. | Police Arrested Two People At Wallampitiya

එහිදී සැකකරුවන් විසින් පෙරන ලද නීති විරෝධී මත්පැන් ස්පීත්තු මිලි ලීටර් 22500ක්, බැරල් 04ක බහා තිබූ ගෝඩා මිලි ලිටර් 756,000ක්, අඩි 26 ක් දිග රබර් නලයක් සවි කරන ලද තඹ දඟරයක් ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

කාලයක් පටන් 74 වැනි වියේ පසුවන සාම විනිසුරුවරයා, වයස අවුරුදු 52ක් වන තවත් පුද්ගලයෙකු සමඟ එක්ව දෙමහල් නිවසට යාබද කාමරයක ඉතා රහසිගතව මෙම නීති විරෝධී මත්පැන් පෙරා තිබෙනවා.

අධික වේගයෙන් හෝ බීමතින් රිය පැදෙව්වොත් වෙන්නෙ මේකයි - වැඩබලන පොලිස්පති විශේෂ තීරණයක් ගනී..

අධික වේගයෙන් හෝ බීමතින් රිය පැදෙව්වොත් වෙන්නෙ මේකයි - වැඩබලන පොලිස්පති විශේෂ තීරණයක් ගනී..


එහිදී මොහු විසින් මත්පැන් තෝරාගත් කීප දෙනෙකුට පමණක් ලබා දී ප්‍රදේශ රැසකට බෙදා ඇති බව පොලිසිය සඳහන් කළේ ය.