රට වටේ ගිය හොර කල්ලියකට වැඩ වැරදුණ හැටි - මාස්ටර් ප්ලෑන් ගහලා නඩේම කරපු දේවල් රැසක් ගැන තොරතුරු එළියට..
ඊයේ (27) රාත්රියේ පිටකොටුව පොලිස් වසමේ හෙට්ටිවීදිය ප්රදේශයේ දී සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ය.
ඔවුන් රන් මාල සහ ත්රීරෝද රථයක් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් වේ.
ඒ අනුව පිටකොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රන් භාණ්ඩ අලෙවි කිරීමට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙක් එලෙස සිය භාරයට ගෙන ඇත.
ඔවුන් වයස අවුරුදු 23, 29 හා 32 යන වයස්වල පසුවන එගොඩඋයන සහ මිද්දෙණිය ප්රදේශවල පදිංචිකරුවන් වේ.
පොලිසිය විසින් සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම්වලදී අණාවරණය වී ඇත්තේ ඔවුන් ඇඹිලිපිටිය පොලිස් වසමේ රියදුරෙකුට පහරදී ත්රීරෝද රථයක් කොල්ල කා ඇති බවයි.
එය යොදාගෙන කළුතර උතුර, දකුණ හා ගම්පහ යන පොලිස් වසම්වල සිදුකරන ලද කොල්ලකෑම් රැසක් ගැන අනාවරණය වී තිබෙනවා.
එමෙන්ම, කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සොරකම් රැසක් පිළිබඳව ද එහිදී තොරතුරු ලැබී ඇති.
කෙසේ වෙතත්, කොල්ලකන ලද ත්රීරෝද රථය ඉන්ධන අවසන්වීම හේතුවෙන් කළුතර උතුර පොලිස් වසමේ දමාගොස් තිබෙනවා.
එලෙස දමා ගොස් තිබිය දී පොලීසිය විසින් එය සොයාගෙන ඇත.