"කාටහරි කීවොත් භයානක මේ දේ වෙනවා සත්තයි.." - භූත බලයෙන් මවගෙ ලෙඩ සුව කරන්න ආ යකැදුරා කරපු කැත වැඩේ..
නිවසකට පැමිණ භූත බලයෙන් එම නිවසේ මවගේ රෝග සුව කරන බව පවසා ඇගේ බාලවයස්කාර දියණිය බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
එම චෝදනාවට වරදකරුවෙකු වූ යකැදුරෙකුට අද වසර 60 ක සිරදඩුවම් නියම කර එය වසර 20 කින් එකවර ගෙවී යන පරිදි ක්රියාත්මක කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.
ඒ එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බලල්ලේ හමුවේ කැඳවූ අවස්ථාවේ දී ය.
අවස්ථා ගණනාවක දී මෙම 38 හැවිරිදි යැකැදුරා විසින් 2013 වසරේ දී අදාළ බාලවයස්කාර දැරියට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කළ බවට ජාතික ළමාරක්ෂණ අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත.
එම අධිකාරියේ දැනුම් දීම මත නීතිපතිවරයා විසින් අධි චෝදනා 3ක් වරදකරුට එරෙහිව නඩුව ගොනු කර තිබෙනවා.
එහිදී තීරණය කෙරුණේ එම 3ටම ඔහු වරදකරු බවයි.
මෙම යකැදුරා විසින් දේවාලයක් පවත්වා ගෙන යමින් භූත බලයෙන් ලෙඩ සුව කරන බව සඳහන් කර ඇත.
ඒ මත හොරණ ප්රදේශයේ පදිංචි අදාළ කාන්තාව ද ප්රතිකාර ලබා ගැනීම සඳහා එහි පැමිණ තිබෙනවා.
ඒ අනුව අදාළ කාන්තාවගේ නිවසේ තාවකාලික දේවාලයක් සකස් කළ යුතු බව ඔහු පවසා ඇත.
විත්තිකරු ඒ අනුව එම නිවසට ගොස් අවස්ථා කිහිපයක දී මෙම බාලවයස්කාර දැරිය අපයෝජනය කර තිබෙනවා.
ඒ මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ පැවසුවහොත් මව මිය යනු ඇති බවට ඇය බියට පත් කරමින් ය.