දවල් කෑම පරක්කු වුණාට උරණ වූ පියා දියණියට කළ අහස පොළොව නුහුලන අපරාධය..
දිවා ආහාරය නිසි වේලාවට ලබා නොදුන්නැයි පවසමින් දිවුලපිටිය ප්‍රදේශයේ 16 හැවිරිදි තම දියණියගේ හිස අල්ලා බිත්තියේ ගැසු පියෙකු ලබන මස 06 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය නියම කළේ ය
රිමාන්ඩ් බාරයට පත් සැකකරුගේ බිරිඳ විදේශගතව රැකියාවක නිරතවන වන අතර සැකකාර පියා බීමත්ව නිවසට පැමිණ මෙම දැරියට නිතර කරදර හිරිහැර කරන බවට පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත.
සැකකාර පියා තම දියණියට පහරදෙමින් දියණියගේ හිස බිත්තියක හැප්පිම නිසා දියණිය රෝගාතුර වීම හේතුවෙන් දිවුලපිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර මෙතෙක් ඇයගෙන් ප්‍රකාශයක් ලබා නොගත් බව දිවුලපිටිය පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
දැරිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් කැදවීමට ඉදිරියේදී කටයුතු කරන බව පොලිසිය, අධිකරණය හමුවේ කීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |