රට රැකියාවකට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ ගැනත් දැනගෙනම ඉන්න..

Sri Lanka Police Sri Lanka Police Investigation Job Opportunity Latest Headlines
By krishani Apr 23, 2024 03:28 PM GMT
Report

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රට රැකියාවකට යන්න කැමැත්තෙන් ඉන්නවා නම් මේ ගැනත් දැනගෙනම ඉන්න.. | Police Arrested One Person At Badalgama

ඒ බඩල්ගම ප්‍රදේශයේ දී ය.

සැකකරු විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේ ය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි සඳලංකාව ගොඩැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

ඔහු පන්නල ප්‍රදේශයේ මෙම ව්‍යාජ විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස් තිබෙනවා.

හෙට ද?. අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් ආරම්භය ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.

හෙට ද?. අවුරුදු නිවාඩුවෙන් පසුව යළි පාසල් ආරම්භය ගැන ගත්ත විශේෂ තීරණය මෙන්න.


කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් කැනඩාවට යවන බව පවසා රුපියල් ලක්ෂ 2ක මුදලක් ලබා ගැනීමට බඩල්ගම නගරයට පැමිණි අවස්ථාවේ දී සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ දී ඔහුගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක් පමණ සොයාගෙන ඇති බව වාර්තා වේ.