මිලියනයක් කොල්ල කා පැන යාමට උත්සහ කළ පුද්ගලයෙක්ට නොසිතූ ලෙස සිදු වූ දේ..
ඊයේ (20) පෙරවරුවේ අම්පාර නගරය ආසන්නයේ පැවති වාහන වෙන්දේසියකට පැමිණ සිටි පුද්ගලයෙකු සතුව තිබූ රුපියල් මිලියනයක් කොල්ලකා පලාගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වාහන වෙන්දේසියට සිය පුත්‍රයා සමඟ පැමිණ සිටි පුද්ගලයෙකු යළි සිය ජීප් රථයෙන් නිවස බලා යමින් සිටියදී යතුරුපැදිකරුවෙකු සහ තවත් පිරිසක් එම ජීප් රථය හරස් කර නවත්වා මෙම මුදල් මංකොල්ලය සිදුකර තිබෙන අතර එහිදි කොල්ලකරුවන් විසින් ජීප් රථයෙන් මුදල් රැගෙන යමින් සිටි පුද්ගලයාට සහ ඔහුගේ පුත්‍රයාට පහර දී ඇත.
එම කොල්ලකරුවන් පලායාමට උත්සහ කිරීමේ දී ප්‍රදේශවාසීන් සහ එම ස්ථානයේ රැඳී සිටි පොලිස් නිලධාරියෙකු ද එක්ව කොල්ලකරුවන් අතරින් එක් අයෙකු අල්ලාගෙන තිබෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක් ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |