රත්රන් මාලයක් සහ ස්මාර්ට් දුරකථනයක් කොල්ල කෑ පොලිස් නිළධාරීන් 04කට සිදු වූ දේ..
ඉකුත් 20 වැනි දා කොට්ටාව විද්‍යාල හංදියේ පිහිටි සිය සහෝදරියගේ නිවසට පැමිණෙමින් සිටි තරුණයෙකුගේ, එම නිවස ඉදිරිපිට මාර්ගයේ දී වෙනත් මාර්ගයක් අසන මුවාවෙන් තරුණයා අසලට පැමිණ ඔහු කර බැඳි රන් මාලය සහ ජංගම දුරකථනය කොල්ලකා පලා යාමේ සිද්ධියට මාලබේ පොලිසියට අනියුක්ත පොලිස් නිලධාරින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
සැකකාර පොලිස් නිලධාරීන් අතර පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු ද වන අතර කොස්තාපල්වරුන් තිදෙනාගෙන් අයෙකු පොලිස් විශේෂ කාර්යාංශයේ මාලබේ පොලිසියට අලුතින් පැමිණි අයෙක් බවත් එහි නිලධාරියකු සඳහන් කළා ය.
මෙම කොල්ල කෑමට යොදාගත් ත්‍රීරෝද රථය, කොල්ල කන ලද රන් මාලය සහ ජංගම දුරකථනය පොලිසිය විසින් මේ වන විට සොයාගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අදාළ තරුණයා ඉකුත් (21) වෙනි දින සිදුකරන ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදු කිරීමේ දී හෙලි වී ඇත්තේ කොල්ල කෑමට පැමිණි ත්‍රීරෝද රථය මාලඹේ පොලිසියට අනුයුක්තව රාජකාරි කරනු ලබන කොස්තාපල්වරයෙකුට අයත් ත්‍රීරෝද රථයක් බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් හෝමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |