මෙරට රැඳී සිටි චීන කතකගෙන් පොලීසියට උදැලු ප්‍රහාරයක්..
Sri Lanka Police
Sri Lanka Police Investigation
Latest Headlines
By krishani
වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදී සිටි චීන ජාතික කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට යාමේ දී ඇය උදැල්ලකින් පොලීසියට පහර දී ඇති පුවතක් වාර්තා වේ.
එහිදී එය පාලනය කිරීමට ගිය පොලිස් නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ඒ වීසා බලපත්‍ර නොමැතිව චීන ජාතික කාන්තාවක් බේරුවල - මංගල මාවතේ නිවසක පදිංචිව සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය විසින් ඇයව අත්අඩංගුවට ගැනීමට ගිය මොහොතේ ය.
අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනාට අමතරව තවත් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ද එම වැටලීමට ගොස් ඇත.
එහිදී චීන ජාතික කාන්තාව එක්වරම නිවසේ තිබූ උදැල්ල රැගෙන කළහකාරී අන්දමින් හැසිරී තිබෙනවා.
මෙහිදී පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා කලුතර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් චීන ජාතික කාන්තාව ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.