මියගිය පරිසරවේදියකුගේ නිවසින් ආයුධ තොගයක් හමුවේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Jaffna Department of Prisons Sri Lanka
By Piyumika May 15, 2024 08:49 AM GMT
Report

කැස්බෑව පොලිසිය විසින් පිළියන්දල ප්‍රදේශයේ නිවසක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් 4 ක්, ජීව උණ්ඩ 116 ක්, මෝටර් උණ්ඩයක් සොයාගෙන තිබේ .

මෙම නිවස පරිසර වේදියෙකු ලෙස ක්‍රියා කළ දැනට මියගොස් සිටින පුද්ගලයෙකුගේ වන අතර ඔහුගේ පුත්‍රයා විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ උඩුමහලේ සොල්දොර තට්ටුවේ යන්ත්‍රෝපකරණ කාමරයේ තිබී මෙම ආයුධ තොගය සොයාගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස රාජක්ෂවරු දෙදෙනෙක්..ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)

ගෝඨාභය රාජපක්ෂ බලයෙන් නෙරපීමේ කුමන්ත්‍රණය පිටුපස රාජක්ෂවරු දෙදෙනෙක්..ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)


එහිදී අංක මකාදමන ලද ටී පනස් හය ස්වයංක්‍රීය ගිනි අවියක්, මළ බැඳී තිබූ ටී පනස් හය මැගසින් හතරක්, T 56 ජීව උණ්ඩ අනූ හයක්, ට්‍රසර් උණ්ඩ විස්සක්, බලපත්‍රය කල් ඉකුත් වූ බෝර දොළහ වර්ගයේ ගිනි අවියක්, මෝටර් උණ්ඩයක් සොයා ගැනීමට හැකි වී ඇත.

එම ආයුධ තොගය එම ස්ථානයට පැමිණියේ කෙසේද, කිසිවෙකු විසින් එම ආයුධ තොගය මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇත්දැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතයි.

තව සති දෙකයි..මේ ග්‍රහලෝක පෙළපාලිය නම් මගහරවා ගන්න එපා..

තව සති දෙකයි..මේ ග්‍රහලෝක පෙළපාලිය නම් මගහරවා ගන්න එපා..