පියත් සමග ලොරි රථයක ගමන් ගත් 13 හැවිරිදි දරුවාට වෙඩි තියලා..
වැලි පටවාගත් ලොරි රථයක සිය පියා සමග ගමන් ගනිමින් සිටි 13 හැවිරිදි පිරිමි දරුවකුට රබර් උණ්ඩ යොදා වෙඩි තබා තුවාල කළැයි කියන සිද්ධියක් ගැන වනජීවි නිලධාරියක් සැකපිට අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ කටුකැලියාව කලාපයට අනුයුක්තව සේවය කළ වනජීවි නිලධාරියෙක් වන අතර විල්පත්තු රක්ෂිතයේ සිට අනවසරයෙන් වැලි ගොඩදමා නොච්චියාගම දෙසට වැලි පටවා ගෙන යමින් සිටි ලොරි රථයක් වනජීවි නිලධාරින්ගේ උපදෙස් නොතකා පලායමින් සිටියදි එය නැවත්විම සදහා එහි සිටි වනජිවි නිලධාරියතු විසින රබර් උංඩ යොදා රියදුරාට වෙඩි තබා ඇතැයිද එය වැරදිමකින් එම ලොරි රථයේ ගමන් ගනිමින් සිටි මෙම දරැවට වැදි ඇතැයි පොලිසිය කියයි.
එම සිද්ධියෙන් තුවාල ලැබු 12 හැවිරිදි මෙම දරැවා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.
නමුත් දරුවාගේ පියා සඳහන් කරන්නේ එම අවස්ථාවේ රථය තුළ දැන් නොතිබූ බවත්, රථය හිස්ව තිබූ බවත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |