සුදු ජාතික අක්ක කෙනෙක්ට ලස්සන තැනක් පෙන්වන්න එක්කගෙන ගිය ඉස්කෝලෙ යන මල්ලී..
දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ විදෙස් ජාතික කාන්තාවකට අතවර කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ය.
තිස් හැවිරිදි ප්‍රංශ ජාතික කාන්තාවක කුඩාවැල්ල ගම්මානයට සංචාරයට පැමිණ තිබෙනවා.
කුඩාවැල්ල, මෝදර වැල්ලේ දී ඇය පස්වරුවේ තනිව ඇවිද යමින් සිටිය දී සැකකාර පාසල් ශිෂ්‍යයා තම සුරතල් බල්ලා සමග පැමිණ තිබෙනවා.
එහිදී මෙම කාන්තාව සමග ඔහු කතාබහ කර කුළුපග වී ඇති අතර ලස්සන තැනක් පෙන්වීමට ඇති බව කියමින් ඇයව වෙරළාසන්නයේ වැටකෙයියා පඳුරක් අසලට කැඳවාගෙන ගොස් ඇත.
එම අවස්ථාවේ දී ඇයට අතවර කර ඇති බවට සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ඇය දික්වැල්ල, හිරිකැටිය පොලිස් මුරපොළට පැමිණිලි කර තිබෙනවා.
හිරිකැටිය පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිල්ල යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ තංගල්ල පොලිසිය සැකකාර පාසල් ශිෂ්‍යයා අද (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකර පාසල් ශිෂ්‍යයා කුඩාවැල්ලේ පදිංචි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බවට අනාවරණය වීය.
ප්‍රංශ ජාතික කාන්තාව පොලිසියේ දී සැකකාර පාසල් ශිෂ්‍යයා හඳුනාගෙන තිබුණු අතර අදාළ විදෙස් කාන්තාව පවසා ඇත්තේ ලංකාව සුන්දර රටක් බැවින් මෙවැනි සිදුවීම් තවදුරටත් වීමට ඉඩ නොතබන ලෙස ය.
කෙසේ වෙතත්, ඇය සැකකාර පාසල් ශිෂ්‍යයා තවමත් කුඩා දරුවකු බැවින් ඔහුට අවවාද කර මුදා හරින ලෙස පොලීසියෙන් ඉල්ලීමක් ද කර ඇති බව වාර්තා විය.