පොලිසිය මහජන සහය පතයි. - මොවුන්ව දුටුවහොත් වහාම දැනුම් දෙන්න. - (PHOTOS)

Sri Lanka Police
By Wayomi Apr 25, 2024 11:41 AM GMT
Report

අපරාධයක් සම්බන්ධයෙන් අවශ්‍යකරන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටිනවා.

මෙම සැකකරුවන්ට එරෙහිව රන් තොගයක් කොල්ලකෑම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අතර මොවුන් පසුගිය වසරේ නොවැම්බර් මස 23 වනදා කල්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙනගෙන ගොස් ඔහු සතුව තිබූ රන් කිලෝ 37ක් කොල්ලකා පළාගොස් ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් 5ක් නම්කර ඇති අතර එම සැකකරුවන් මැණික්හින්න, ගාල්ල, පුත්තලම සහ ගුන්නෑපාන යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.

ඔවුන් මේ වනවිට එම පදිංචි ප්‍රදේශ අත්හැර පළාගොස් ඇති අතර පහත චායාරූපවල දැක්වෙන සැකකරුවන ගැන තොරතුරක් දන්නේ නම් 071 859 1763 හෝ 071 859 4916 යන දුරකථන අංක හරහා පොලීසිය වෙත දැනුම්දෙන ලෙස ඉල්ලා පොලිසිය ඉල්ලා සිටිනවා.   


..............................................................

May you Like


Gallery