මොවුන් තිදෙනා ගැන දන්න අයෙක් සිටීනම් වහාම පොලීසියට දැනුම්දෙන්න..මුදලින් වටිනා ත්‍යාග..(PHOTOS)

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police
By Aruna Feb 18, 2024 07:04 PM GMT
Report

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් මහජන සහය අපේක්ෂා කර තිබෙනවා.

2024.01.22 වන දින බෙලිඅත්ත පොලිස් වසමේ කහවත්ත අධිවේගී පිවිසුම අසලදී පුද්ගලයින් පස්දෙනෙකු වෙඩිතබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීමේ අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මේ වන විට ස්ථිර පදංචි ලිපිනය අතහැර පළාගොස් පොලිසිය මඟහරිමින් සැඟවී සිටින මෙම සැකකරුවන් පිළිබඳව ඔබ දන්නා යම් තොරතුරක් වේ නම් පහත දුරකථන අංක අමතා දැනුම් දෙන ලෙසයි.

තොරතුරු ලබා දෙන ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කරමින් ලබාදෙන නිවැරදි තොරතුර සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිත බවයි පොලීසිය දැනුම්දී ඇත්තේ.

පළමු සැකකරු(1)

නම - මහගමගේ දිනේෂ් ප්‍රියංකර නොහොත් චූටියා නොහොත් මහගමගේ දිනේෂ් ප්‍රදීප් ජයසේකර ලිපිනය - ඩෙන්මාර්ක් කොළනි, වැරගොඩ. කහව,අම්බලන්ගොඩ ජා.හැ.අ - 892362890V

දෙවන සැකකරු(2)

නම - නානායක්කාර අගරගේ නිශාන්ත සමන් කුමාර ඩයස් ලිපිනය - අංක 80, යාය 04 , තඹුත්තේගම/ අංක 84, ගල්පාත, අගුරුවැල්ල ජා.හැ.අ - 740744330V

තෙවන සැකකරු (3)

නම - රන්මුනි මහේෂ් හේමන්ත සිල්වා ලිපිනය - අංක 107/2/බී,පුවක්ගහවත්ත, මාකන්දන, ඌරගහ, ජා.හැ.අංකය - 832190942V

තොරතුරු ලබාදිය යුතු දුරකථන අංකයන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, තංගල්ල කොට්ඨාසය - 0718591488 ස්ථානාධිපති, බෙලිඅත්ත පොලිස් ස්ථානය - 0718591497

GalleryGallery