හදිසියේ පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න.

Police Sri Lanka Social media
By Aruna Mar 13, 2022 05:40 AM GMT
Report

“සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය” යනුවෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ව්‍යාජ පණිවිඩය නිකුත් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

“සියළු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය” යනුවෙන් සදහන් කර ඇති එම ව්‍යාජ පණිවිඩය “ප්‍රවේශම් වන්න - ආර්ථික අර්බුද” ලෙස කරුණු 22 ක් යටතේ නිකුත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එම පණිවිඩයේ අවසානයේ පරිස්සමෙන් ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව යනුවෙන් ද සඳහන් කර තිබීම විශේෂත්වයක්.

මෙවැනි පණිවිඩයක් පොලීසිය මගින් මාධ්‍ය ආයතන, කිසිඳු සමාජ මාධ්‍ය වෙත හෝ වෙනත් ආකාරයකින් මහජනතාව වෙත නිකුත් කර නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

එලෙස සමාජ මාධ්‍ය ජාලා හරහා සංසරණය වෙමින් තිබෙන ව්‍යාජ පණිවිඩයට නොරැවටෙන ලෙස ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now