පොලිස් කතක් සමග තරුණියන් 02ක් බලහත්කාරයෙන් රැගෙන යද්දී වෙඩි තබා අල්ලා ගනී...

Sri Lanka Police Sri Lanka
By Aruna Aug 01, 2022 11:16 PM GMT
Report

අඹන්පොළ දී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කර එය පොලිසිය රැගෙන යාම සඳහා කටයුතු කළ පොලිස් සැරයන්වරියක ද සමග නොනවත්වා පළා යද්දී මෝටර් රථයට වෙඩි තබා කාන්තාවන් දෙදෙනකු සහ එහි රියැදුරා අත්අඩංගුවට ගත් බව අඹන්පොළ පොලිසිය කියයි.

බලහත්කාරයෙන් රැගෙන ගිය පොලිස් සැරයන්වරිය ද මුදා ගෙන ඇති අතර මෝටර් රථය පරීක්‍ෂා කිරීමේදී එහි තිබී හෙරොයින් පැකට් කිහිපයක් පොලිස් බාරයට ගෙන ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අඹන්පොළ පොලිසියට ලැබුණු තොරතුරුක් අනුව මෙම සැකකටයුතු මෝටර් රථය අඹන්පොළ රෝහල අසල දී නතර කරගෙන ඇත.

එම සැකකටයුතු මෝටර් රථයේ කාන්තාවන් දෙදෙනකු සිටි නිසා කාන්තා පොලිස් සැරයන්වරියක ගෙන්වාගෙන අඹන්පොල පොලිස් ස්ථානය වෙත රැගෙන යන ලෙස මෝටර් රථයේ රියැදුරාට උපදෙස් ලබා දී ඇත.

අඹන්පොල පොලිස් ස්ථානය පසුකර මෝටර් රථය නොනවත්වා අධික වේගයෙන් ධාවනය කිරීම නිසා පොලිස් කණ්ඩායමක් රථය ලුහුබැඳ කිලෝමීටර් හතක් පමණ දුරක් ගොස් නිකවල යාය ප්‍රදේශයේ දී රථයට වෙඩි තබා ඇතැයි පොලිසිය කීය.

රථයේ රෝදයකට වෙඩි වැදීමෙන් රථය නතර වී ඇති බවත් රියදුරා හා කාන්තාවන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන බලහත්කාරයෙන් රැගෙන ගිය සැරයන්වරිය මුදාගත් බවත් පොලිසිය කීය.

අඹන්පොළ පොලිසිය සැකකරු හා සැකකාරියන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now