අමානුෂික ලෙස කාන්තාවක් ඝාතනය කොට කරාඹු යුගලය සොරා ගැනේ..!

Sri Lanka Police Sri Lanka Crime
By Sewvandhi Jul 21, 2022 05:29 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

කාන්තාවක් ඝාතනය කර ඇගේ කන්දෙක ඉරා කරාබු යුගල සහ නිවසේ තිබූ තවත් භාණ්ඩ සොරා ගැනීමේ පුවතක් පොල්ගහවෙල - දමුණුකොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 73 හැවිරිදි කාන්තාවක් බවයි. ඇය නිවසෙහි තනිව සිට ඇති අතර ඊයේ දහවල් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

ඇගේ දියණිය සවස් කාලයේදී නිවසට පැමිණි අවස්ථාවේදී සිය මව ඝාතනය කර ඇති බවට පොලීසිය දැනුවත් කර තිබෙනවා. 

පසුව අනාවරණ වී ඇත්තේ ඇගේ කන්දෙකෙහි තිබූ කරාබු යුගලය සහ ලැප්ටොප් වර්ගයේ පරිගණකයක් මෙන් ම මුදල් ද සොරා ගෙන ගොස් ඇති බවයි. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now