විශ්‍රාමිකයෝ 1,300ක් පාරට - පොල්දුව මංසන්ධිය හිරවෙයි

Sajith Premadasa Latest Headlines Sinhala news Puwath.lk Protest
By R.rishma Oct 20, 2026 09:46 AM GMT
Report

2020 සහ 2024 වසරවල විශ්‍රාම ගිය විශ්‍රාමිකයින් මුහුණ දී සිටින ගැටලුවලට විසඳුම් ඉල්ලා පැවැත්වූ විරෝධතාවක් අද (20) පොල්දූව මංසන්ධියේදී පැවැත්වුණා.

එම විරෝධතාව සඳහා 1,300කට අධික පිරිසක් සහභාගී වූ බව වාර්තා වනවා. විශ්‍රාමිකයින් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් පිරිසක් ද එම ස්ථානයට පැමිණියා.

ඒ අනුව, දයාසිරි ජයසේකර, සුජීව සේනසිංහ සහ ජේ.සී. අලවතුවල යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද විරෝධතාවට එක්වී විශ්‍රාමිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, තමන්ගේ ආණ්ඩුවක් යටතේ අසාධාරණයට ලක්වූ විශ්‍රාමිකයින්ට සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවයි.

විශ්‍රාමිකයින් මුහුණ දෙන ගැටලුවට සාධාරණ විසඳුමක් ලබාදීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරුණා.