ගමක් බිය වද්දමින් පිහි පාරවල් හත 8න් හොඳම යාළුවා ඝාතනය කළ භයානක පුවත - බිරිඳත් රෝහලේ..!

Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Jul 28, 2022 05:14 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

එප්පාවල - කටියාව යාය 07, පොකුණුගම ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 25 හැවිරිදි දිනේෂ් මධුසංඛ තෙන්නකෝන් නමැති තරුණයෙක්.

ප්‍රියංකරගම පොලිසිය පැවසුවේ, ඝාතනයට ලක් වූ තැනැත්තා ඊයේ (27) රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මරණකරුගේ හොඳම මිතුරා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඝාතකයා මේ වනවිට පොලිස් අත් අඩංගුවේ පසුවන අතර, ඔහු 32 හැවිරිදි තිදරු පියෙක්. අත් අඩංගුවට ගත් සැකකරු විසින් ඔහුගේ බිරිඳට ද තියුණු ආයුධයකින් පහරදී ඇති අතර, මේ වනවිට ඇයව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඝාතකයා විසින් මරණකරුට තියුණු ආයුධයකින් පහරවල් 7-8ක් අතර ප්‍රමාණයක් එල්ල කර ඇති බවයි සිදුකරන ලද මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ.

මරණකරු විසින් සිය මිතුරාගේ ඉල්ලීමට අනුව ඔහුගේ යතුරුපැදියට ඉන්ධන ලබාගෙන නැවත පැමිණ එය මිතුරාට භාරදීමට ඔහුගේ නිවසට ගොස් ඇති අතර, එහිදියි මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රියංකරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now