ලස්සන වෙන්න කියලා හිතාගෙන මේ වගේ දෙයක් කළොත්?.

Latest Headlines Decision Making
By krishani Feb 26, 2024 12:56 AM GMT
Report

ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ සංගමය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ලස්සන වෙන්න කියලා හිතාගෙන මේ වගේ දෙයක් කළොත්?. | Plastic Surgery

ඒ පුහුණු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වීමකින් තොරව ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීමෙන් ජීවිත අවදානමකට පවා ලක්විය හැකි බවයි.

මේ බව එම සංගමය සඳහන් කළේ ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ය.

එවැනි සුදුසුකම් නොමැති වෛද්‍යවරුන් රැසක් ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටින බව එහිදී අණාවරණය විය.

කෙසේ වෙතත්, නිසි සුදුසුකම් නැති වෛද්‍යවරුන් ප්ලාස්ටික් සැත්කම් සිදුකිරීමේ දී මතුවන අවධානම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා එම සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් එම ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණේ ය.

මේ අතර පසුගියදා මහනුවර පෞද්ගලික රෝහලකදී සිදුකළ උදරයේ තැන්පත්ව තිබූ ලීටර 13.5 ක මේදය ඉවත්කිරීමේ සැත්කම ද රෝගී ජීවිත අවදානමක් සහිත සැත්කමක් බව එහිදී වෛද්‍යවරුන් සඳහන් කළේ ය.