පිරමීඩ් ගනුදෙණු සිදු කළ ආයතන 17ක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්.. මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න..

Business Mobile Central Bank of Sri Lanka Sri Lanka Police Department of Prisons Sri Lanka Online business
By Aruna Apr 23, 2024 03:00 AM GMT
Report

පිරමීඩාකාර ක්‍රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 08ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ ආයතන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන මෙන් නීතිපතිවරයාගෙන් ඉල්ලීම් කර ඇති බවද මහ බැංකුව එම නිවේදනයෙන් සඳහන් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ, තමන් වෙත ලැබුණු පැමිණිලිවලට අනුව සිදුකළ විමර්ශනවලදී ආයතන සහ යෙදවුම් 8ක් මහ බැංකු පනතේ 83 ඇ වගන්තිය උල්ලංඝනය කරමින් තහනම් යෝජනා ක්‍රම ක්‍රියාත්මක කර ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

ඒ යටතේ

Beecoin App

Sunbird Foundation

Fast Win pvt ltd

Fruugo Oline App

Fruugo Oline pvt ltd ,Genesis Business School

Era Miracle pvt ltf ,Isimaga International pvt ltd,Ledger Block,Qnet

Questnet 

Ride to Three Freedom pvt ltd

යන ආයතන සහ යෙදවුම් එලෙස මහ බැංකු පනතේ වගන්ති උල්ලංඝනය කරමින් පිරමිඩාකාර ව්‍යාපාර සිදුකළ බවට තොරතුරු ලැබී ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

තවද මෙසේ නම්කරන ලද පිරමිඩාකාර ආයතනවලට විරුද්ධව, බැංකු පනතේ 83 ඇ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීම සළකාබලන මෙන් නීතිපතිවරයා වෙත ඉල්ලීම් යොමුකර ඇති බවද ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මේ අතර පිරිමීඩ් මුදල් ගනුදෙණු පවත්වාගෙන ගොස් ඇති ආයතන 09ක් තහනම් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වර්ශයේ දී පියවර ගෙන තිබුණා.

එහිදී නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත දැනුම් දී තිබුණේ පිරිමීඩ් මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගිවීම දඬුවම් ලැබිය හැකි වරදක් බවයි.

එලෙස මහ බැංකුව විසින් තහනම් කරනු ලැබූ පිරමීඩ මූල්‍ය ගනුදෙනු පවත්වා ගෙන ගිය ආයතන 09 පහතින්.

පිරමීඩ් ගනුදෙණු සිදු කළ ආයතන 17ක් ගැන මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්.. මේ ගැන දැඩි අවධානයෙන් ඉන්න.. | Pirameed Deal Sri Lanka Central Bank Spacial Notic

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ වන විට නීතිවිරෝධී ගනුදෙනු සිදු කරන ආයතන 17ක් නම් කර තිබේ.

මෙලෙස මුදල් කලින් කලට සූරාකන වංචනික පිරමීඩ් ගනුදෙනු සිදු කරන ආයතන ගැන නිරන්තර අවධානයෙන් සිටින්නට මහ ජනතාව කටයුතු කරන්නට වගබලා ගන්න.

මීට අමතරව තවත් මෙවැනි වංචනික ලෙස ගනුදෙනු සිදු කරන ආයතන ඔබ ප්‍රදේශයේ තිබේනම් වහාම ඒ සම්බන්ධයෙන් තොරතුරු ලගම ඇති පොලීසියට දැනුම් දෙන්න.

...........................................................

May you Like