"බද වටේ අත දාගන්න ගමන් රහස් ප්‍රදේශය ඇල්ලුවා.. "'දරුවෙක්ට අතවර කළ උපකාරක පන්ති ගුරුවරයා... මාට්ටු...
පිරිමි දරුවෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව නර්තන ගුරුවරයෙක් පිළියන්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකාර ගුරුවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුනා.
තමාට මිතුරෙකුගේ නිවසක් සොයා ගැනීමට සහාය වන ලෙස දරුවාට පවසමින් උපකාර පන්ති නිමවී නිවසට යමින් සිටි දොළොස් හැවිරිදි දරුවෙකු පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේ දී උපකාර පන්ති නැටුම් ගුරුවරයෙක් සිය යතුරුපැදියට නංවාගෙන තිබෙනවා.
යතුරුපැදිය කෙටි දුරක් ගමන්ගන්නා අතරතුර සැකකරුගේ බඳ වටා තිබූ දරුවාගේ අතක් ගෙන ඔහුගේ රහස් පෙදෙස දෙසට යොමු කරගනිමින් ඔහු දරුවා අපහරණය කර තිබූ බව මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.
එලෙස සැකකරු දරුවා සමඟ ගමන්ගන්නා ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ අතර ඔහු මාර්ගයක් අසල තිබූ පිරවුම්හලකින් ඉන්ධන ලබාගත් බව ද වාර්තා වනවා එම ස්ථානයෙන් පිටව යන සැකකරු පාළු මාර්ගයක් කරා යතුරුපැදිය ධාවනය කිරීමට උත්සාහ කර තිබුණා.
එහිදී දරුවාගේ කෑ ගැසීම නිසා ඔහු දරුවා දමා බියට පත්ව පළා ගොස් තිබෙනවා. ඇතිවූ සිද්ධිය පිළිබඳ දරුවාගේ මව්පියන් පිළියන්දල පොලිස් ස්ථානය දැනුම්වත් කිරීමෙන් පසු 27 හැවිරිදි සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු මීට මාස කීපයකට පෙර ප්‍රධාන පෙළේ නැටුම් පන්තියක් පවත්වාගෙන යමින් පිරිමි දරුවන් කිහිප දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු නැටුම් ගුරුවරයාගේ ප්‍රධානම ගෝලයා බවයි අනාවරණය වී ඇත්තේ.
Sponsored By Sarrita Jewellery