අද කරන්න හිටිය වැඩක් වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරයි..

Sri Lanka Police Sri Lanka Politician Sri Lanka G.C.E. (O/L) Examination Education
By Aruna Jun 08, 2023 12:20 AM GMT
Report

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් අද (08) රාජගිරිය මැතිවරණ කාර්යාලය ඉදිරිපිට සංවිධානය කරනු ලබන විරෝධතාවට අදාළව මාර්ග කිහිපයක උද්ඝෝෂණය කිරීම පමණක් වලක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ(07) එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු 26 දෙනකුට එරෙහිව නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 106 (01) වගන්තිය ප්‍රකාරව මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත්තේ, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, එම පක්ෂයේ සාමාජිකයන් වන විජිත හේරත්, ලාල් කාන්ත, ටිල්වින් සිල්වා, සුනිල් හදුන්නෙත්ති, වසන්ත සමරසිංහ ඇතුළු 26 දෙනකුට එරෙහිවයි.

අධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මාර්ගය, කොටා පාර, නාවල පාර ඔස්සේ සරණ පාර සහ මැතිවරණ කාර්යාලයේ ප්‍රවේශ මාර්ගයන් හි උද්ඝෝෂණය කිරීම තහනම් කරමින්.

වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති පාර්ශ්වයන් සිදුකිරීමට නියමිත උද්ඝෝෂණය හේතුවෙන් අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන පාසල් සදහා අවහිරයක් මෙන්ම මහජන පීඩාවක් සිදුවන බවට සදහන් කරමින් වැලිකඩ පොලීසිය මෙම ඉල්ලීම අධිකරණයෙන් ඉල්ලා ඇත.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now